හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලය 1820 ගණන්වලදී ආරම්භවූයේය.මෙය මුල් අවධියේ දී පිරිමි පාසලක් වශයෙන් පැවති අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන ලදී. මුල් අවධියේ දී පොල් අතු සෙවිලි කරන ලද එක් ශාලාවක් පමණක් පැවති අතර පසුකාලයේදී ක්‍රමක් ක්‍රමයෙන් ගොඩනැගිලි ඉදි විය. මෙම පාසල ආරම්භයේ දී ශිෂ්‍ය සංඛ්‍යාව 4ක් වූ අතර එම ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි වී වර්තමානය වන විට 1000 අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබයි.

ප්‍රාථමික හා ද්විතීක අංශය මුල් අවස්ථාවේදී එකටම පැවතියද පසුව එය වෙන වෙනම අංශ දෙකක් යටතේ එකම එකම විදුහල්පතිවරයකුගේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙයි. ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වූ මෙයින් අතීතයේ විද්වතුන් රාශියක් සමාජයට දායාද කළ විශිෂ්ට පාසලක් ලෙස හදුන්වාදිය හැකිය.
- පාසල ආරම්භයේ දී තිබු නම = කුරුදුවත්ත පාසල
- ආරම්භ කළ දිනය = 1821
- ආරම්භක විදුහල්පති =බණ්ඩාර
- ගුරුවරුන් =2
- ගොඩනැගිලි=1





