හෙයියන්තුඩුව මහින්ද ජාතික පාසල

වාර්ෂික පොළ -2023

WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg
WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg

විදුහල්පති පණිවිඩය

කේ.දීපිකා පෙරේරා

1821 වසරේ ඉංග්‍රීසි මධ්‍ය පාසලක් ලෙස ආරම්භ කළ දා සිට මහින්ද විදයාලයේ  හිටපු විදුහල්පතිවරු , නිර්මාතෘවරයාවේ දැක්ම අනුගමනය කරමින් බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගත  වූ  ආචාරධර්ම වටිනාකම් උපයෝගී කර ගනිමින් පෝෂණය කිරීමට වෙහෙස නොබලා කැප වූහ .අතීතයේ සිටි සියලුම විදුහල්පතිවරුන් විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් කළ කැපවීම සහ විශිෂ්ට සේවය ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. අභිමානවත් ඉතිහාසයක් ඇති සෑම පාසලක්ම පාසල් සංස්කෘතිය, අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කිරීමට විවිධ ක්‍රම සහ විධි භාවිතා කරන බව මා විශ්වාස කරමි.අධ්‍යාපනයේ ජාතික අරමුණු ඉටුවන පරිදි 21 වන සියවසේ ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි වන පරිදි පුර්ණ පෞරුෂයක් සහිත දරු පිරිසක් බිහිකිරීම සඳහා පාසල පදනම් කරගත් සැළසුම් සහගත වැඩ පිළිවෙලක් පාසල තුළ ක්‍රියාත්මක කළ යුතුවේ. ලාංකීය අධ්‍යාපන ප්‍රතිපත්ති වලට අනුකූල වෙමින් පාසල් විෂය මාලාව, විෂය සමගාමී හා විෂය බාහිර වැඩසටහන් තුළින් සමබර පෞරුෂත්වයකින් හෙබි අනාගත ලෝකය ජයගතහැකි ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් සහිත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීම සදහා සිසු කුසලතා වර්ධනය වන පරිදි ප්‍රදේශයේ සංස්කෘතියට ගැළපෙන පරිදි පාසල සංවර්ධනය කිරීම අපගේ අරමුණයි. නව ලොවට ගැළපෙන ආකාරයට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් සහිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් දරුවන්ගේ සාධන මට්ටම මෙන්ම නිපුණතා සංවර්ධනයද ඉහළ නැංවීමට මා බලාපොරොත්තු වේ. ​පාසල පිළිබඳ නවතම ප්‍රවෘත්ති යාවත්කාලීන කිරීමට ශිෂ්‍ය වෙබ් නිර්මාණ කණ්ඩායම ලබාදන දායකත්වය පිළිබද ාගේ සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමි.

කේ.දීපිකා පෙරේරා
විදුහල්පතිනිය
බප/කැළ/හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍ර්‍යාලය.