හෙයියන්තුඩුව මහින්ද ජාතික පාසල

වාර්ෂික පොළ -2023

WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg
WhatsApp Image 2023-11-15 at 21.35.00.jpeg

* පාසලට ඇතුළු වන විට බුදු මැදුරට නමස්කාර කර පන්ති වලට යා යුතුය.

* පාසල් ගීය, දැක්ම හා මෙහෙවර පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතුය.

සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම දිනපතා මෙම ශිෂ්‍ය වාර්තා පොත රැගෙන යා යුතු අතර අවශ්‍ය වූ විට මෙය ඉදිරිපත් කළ යුතුය.

* නියමිත වර්ණයන් ට අනුව පිටකවර සකස් කර තිබිය යුතුය.

*සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙ.ව 7.15 පෙර පාසලට පැමිණිය යුතු අතර 7.25 පෙර පිරිසිදු කිරීම් කටයුතු නිම කරන්න. පෙ.ව 7.30 සිට විවේක කාලය දක්වා විවේක කාලයේ අවසානේස සිට  පාසල අවසන් වන තුරු පන්ති කාමරය තුළ සිටිය යුතුය. අත්‍යවශ්‍ය කරුණක් සඳහා පන්ති කාමරයෙන් බැහැරට යන්නේ නම් ඒ සඳහා නිකුත් කර ඇති අවසරපත්‍ර ළග තබාගත යුතුය.

* අත්‍යවශ්‍යම කරුණකදී හෝ අසනීප තත්ත්වයකදී හැර අන් සෑම දිනකදීම පාසල් පැමිණිය යුතු අතර එසේ නොපැමිණි දින සඳහා හේතුව  වාර්තා පොතේ ඒ සදහා වෙන් කර ඇති විශේෂ පිටුවේ මව කියා හෝ භාරකරු විසින් සඳහන් කර තිබිය යුතුය.    යම් හේතුවක් නිසා නොකඩවා  තෙදින තෙදිනක් නොපැමිණෙන දරුවන්ගෙ නම් පන්ති නාම ලේඛනයෙන් ඉවත් කරන බව අවධාරණය කරමි.

* විද්‍යාලයට අගෞරව වන ලෙස හැසිරීම සිසු , සිසුවියන්ට සපුරා තහනම් වන අතර , එවැනි  අවස්ථාවලදී විනයානුකූල දඩුවම් පමණවනු ඇත. පොදු වාහනවල ගමන් කිරීමේදී , පොදු ස්ථානවල හැසිරෙන විට දී , රැස්වීමක් හා උත්සව සඳහා සහභාගි වීමේ දී ද මෙය තරයේ සිතට ගත යුතුය. ශිෂ්‍යයින් දුමේ මහා විවිධ මන්ත්‍ර භාවිත කිරීම ඉතා තදබල වරදක් බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය මේවා භාවිත කරන්නන් සමග ඇසුරද සිසුන් හට තහනම් බව සලකන්න.

* උදෑසන ආහාරය දිවා ආහාරය සහ පානය සඳහා අවශ්‍ය බීම නිවසින් රැගෙන ඒම වඩාත් යෝග්‍ය වේ. එසේ නොමැති විටදී  පාසල් ආපනශාලාවෙන් මිලදී ගත හැක. ආහාරයට ගැනීම සඳහා කෑම පෙට්ටියක් භාවිත කළ යුතුය පොලිතින් , ප්ලාස්ටික් වැනි නොදිරන ද්‍රව්‍ය පාසලට ගෙන ඒම තහනම් වේ. පාසල් කාලය තුළ ආහාර මිලදී ගැනීම සඳහා පාසලෙන් බැහැර යාම තහනම් වේ. එබඳු අවස්ථාවලදී දඩුවම් පමුණුවනු ඇත. අධ්‍යයන කාල පරිච්ඡේද වල පාපරෙ ශාලාව වෙත පැමිණීම තහනම් වේ.

* විභාග ප්‍රතිඵල ඇතුළු සහතික නිකුත් කරනුයේ බදාදා දිනවල පමණි , ඒ සඳහා තියෙන තුනකට ප්‍රථම ඉල්ලුම් කළ යුතුය. ඒ ඒ අවස්ථාවලදී මෙම විශේෂ වාර්තා පොතෙහි සඳහන් සහතික කරන ලද කරුණු හැර වෙනත් කිසිම ජයග්‍රහණයක් හෝ සහභාගීත්වයක් චරිත ස වී වසරක් ඇතුළත කප චරිත සහතිකය හා අස්වීම  සහතිකය ලබා ගත යුතුය. ඒ සඳහා හෝ වෙනත් ඕනෑම අවශ්‍යතාවක් සඳහා පාසලට පැමිණෙන රීඩර් විදුහලේ ගෞරවයට හානි නොවන චාම් ඇඳුමකින් සැරසී පැමිණීම යෝග්‍ය වේ.

* සියලු දූ දැරියන්ගේ දිනපතා පැමිණීම 80% ට වඩා සෑම විටම පවත්වා ගත යුතුය එම තත්ත්වය පවත්වා නොගන්නා කිසිදු ශිෂ්‍යයකු ශිෂ්‍යාවකට ප්‍රසිද්ධ විභාග සඳහා පෙනී සිටීමට ඉඩ දෙනු නොලැබේ.

* ක්‍රීඩා පුහුණු සංචිත  සමිති සමාගම් , තනතුරු ශිෂ්‍ය නායක ආදී සියලූ ආකාරයේ පාසල නියෝජනය කිරීම විභාග වලට පෙනී සිටීම ආදී සියලු කටයුතු වලදී අවම වශයෙන් 80% පාසල් පැමිණීම අනිවාර්ය වේ.

* පාසලින් බැහැර විෂය සමගාමී කටයුතු වලට සහභාගි වීමට පෙර විදුහල්පතිගෙ පූර්ව අවසරය ලිඛිතව ලබා ගත යුතු අතර එම විෂය භාර ගුරුතුමා/ තුමිය සමඟ එකට සහභාගී විය යුතුය. එම අවස්ථාවලදී ඒ සිසුන්ගේ කතාබහ චර්යාවන් විදුහලේ ගෞරවයට ගැලපෙන ලෙස සිදුකළ යුතුය. පාසලින් බැහැර කටයුතුවලදී යන අයට හිංසා පීඩා කිරීම විහිළු , තහළු කිරීම , අපහස කිරීම , පරිභව කිරීම ආදිය   විදුහලට අපකීර්තියක් ගෙන දෙන බැවින් එවැනි දෙයින් වැළකී සිටිය යුතුය.

* මොනම හේතුවක් මත ප.ව 6.30 න් පසුව අවසරයකින් තොරව පාසල් පරිශ්රයේ රැඳී නොසිටිය යුතුය.

* පාසල තුළ අතිරේක පන්ති සදහා සහභාගි වීම අනිවාර්ය වේ.

* පන්ති කබරැස්ස පාසල් සංවර්ධන සමිති රැස්වීම් හා දරුවා වෙනුවෙන් දෙමාපියන් පැමිණිය යුතු වැඩ සටහන්වලදී දෙමාපියන් හා භාරකරුවන් අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම සහභාගි විය යුතුය.

* හිතාමතාම පාසලෙහි භෞතික සම්පත් වලට හානි සිදු වන ලෙස ක්‍රියා  කළහොත් එම පාසලට අලාභය හෝ අදාල භාණ්ඩය ලබා දිය යුතුය.

* විනය විරෝධී කුමන හෝ ක්‍රියාවක් සිදු නොකළ යුතු අතර , එබඳු අවස්ථාව දුටු විට ඒවා වැළැක්වීමට යුතුය .  ඒ පිළිබඳ දැනුවත් කළ යුතුය.